Tuesday, September 13, 2016

අතීතයෙන් ආ අමුත්තා

9:26 AM Posted by විස්මිත No comments

පහුගිය ටිකේම කතා කලේ අනාගතෙන් ආපු අමුත්තෝ ගන්නේ අද කතා කරන්න යන්නේ අතීතෙන් ආපු අමුත්තෙක් ගැන. 1950 දී මෙයා වික්ටෝරියා යුගයට අයත් ඇදුම් හා විලාසිතා එක්ක නිව් යෝර්ක් නගරයේ ටයිම් ස්ක්වයාර් එක ගාව හදිස්සියේ මතු වෙලා . එත් ටික වෙලාවකින් මෙයා කාර් එකක හැප්පිලා මැරිලා තියනවා. මෙයාව පරීක්ෂා කරපු අයට සත 5ක් වටිනා බියර් එකක් ලැබිල තියනවා හැබැයි එකේ තිබුන නම පළාතේ කිසි කෙනෙක් දනන් ඉදල න කොටින්ම පරණම සාමජිකයෝවත්. ඒ වගේම අශ්වයෙක් සම්බන්දව කරපු වියදන් සහිත බිලක් තිබිල තියනවා එත් ඒ බ්ලේ තියන ස්ථානය කව්රුත් දන්නෙත් නෑ . මෙයා ගාව ඩොලර් 70 විතර වටිනාකමක් තියන පරණ මුදල් නෝට්ටු වගේකුත් තිබිල තියනවා. රුදොෆ් ෆෙන්ස් කියන නම සදහන් වෙච්ච්ච බිස්නස් කාර්ඩ් එකක් තිබිල තියනවා. ඒ වගේම 1876 එයාගේ ලිපිනයට ලියපු ලිපියකුත් ලැබිල තියනවා. මෙයාගේ ලිපිනයට අයිති තැනට ගියාම එතන වර්තමාන අයිති කාරය මේ කියන පුද්ගලයාව දැනගන ඉදල නෑ . 1939 ටෙලෙපොන් පොතකින් මේ පුද්ගලයාගේ නම ට සමාන නමක් දැනගෙන තියන අතර හොයල බලද්දී ඒ නමට අදාළ කෙනා 1940 දී විශ්‍රාම අරන් එහෙන් වෙන දිහාවක පදිංචියට ගිය බව අසල්වැසියෙක් දන්වල තියනවා. පස්සේ මේ කෙනා ගැන විස්තර හොයද්දි බැංකුවෙන් මේ කියන පුද්ගලයා අවරුදු 5 කට කලින් මිය ගිය බව කියල තියනවා. දැන් හරි අව්ලක්නේ මේ කෙනා කව්ද කොහෙන්ද අවේ. හොයාගත්ත කෙනා ඒ වෙනකොටත් මැරිලා. හැබැයි මේ පුද්ගලයාගේ වැන්දබු බිරිද ජීවතුන් අතර ඉදල තියනවා එයාගෙන් අහද්දී එයා කියල තියෙන්නේ 1876දී නිවසින් එළියේ ඇවිදින්න ගිය තම සැමියා කවදාවත් අපහු අවේ නැති බවයි. ඒ අතුරුදන් වීම වෙනකොට ඔහුට වයස අවරුදු 29 කියල තමයි කියන්නේ. මේ අග මුල පැටලුන කතාවත් ලෝක ඉතිහාසයේ නොවිසදුන ගැටළුවක්.


Thursday, August 18, 2016

පීරු රටේ අමුතු කානු කැපිල්ලක්

8:28 AM Posted by විස්මිත No comments
පීරු රාජ්‍යයේ නස්කා කියන ප්‍රදේශයේ ඉතා පුදුම එළවන් සුළු භූ පිහිටීමක් දකින්න තියනවා. පීරු කියන්නේ ඉන්කා ජනාවාස සමග කිට්ටු සබදතාවක් තියන තවත් රාජ්‍යයක්. මේ අභිරහසත් අවරුදු 80 විතර තිස්සේ විසදගන්න බැරි ගැටළුවක්. මේ නස්කා ප්‍රදේශයේ සුදු පාට ඉරි වගයක් තියනවා. ඒ වගේම මේ ප්‍රදේශය වසරකට අගලකට අඩු  වර්ෂාවක් ලැබෙන කාන්තාර ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ප්‍රදෙශේක වතුර බහින්න කානු කපන්නත් නැතුව ඇතිනේ. ඉතින් මේ කානු කව්රු මොකට හැදුවද කියන එක සියවස් ගානක් යනකන් හරිම ගැටළුවක් වෙලා තමයි තිබුනේ. 


1926 මුලින්ම මේවා ගැන අද්යන ඇරබුනා හැබැයි  පොලොව මට්ටමේදී මේක ගැන ඒ තරම්  දේවල් හොයාගන්න බැරි උනා. මේ භූ පිහිටීම් ස්වභාවික නිර්මාණ නොවන තරමට සමමිතිකයි කියා නම් දැනගන්න ලැබුනා. එත් මෙහෙම නිර්මාණයක් කලේ ඇයි ? ඒ ගැටලුවට විසදුමක් ලැබුනේ මේ ප්‍රදේශය හරහා ගුවන් යානා ගමන් කරන්න ගත්තට පස්සේ තමයි. ඉහල ඉදල බලනකොට මේ ප්‍රදේශයේ මේ කානු වලින් පොළොවේ ඉන්න එක එක සත්තු වගේ විවිද හැඩතලයි නිර්මාණය කරලා තියෙන්නේ කියල හෙළි උනා.



මේ රූප අතරේ වදුරෝ මකුළුවෝ වගේ පොළොවේ ඉන්න විවිද සත්තු තමයි තිබුනේ . හැබැයි මේ සොයා ගැනීමෙන් ප්‍රශ්නේ විසදුනාට වඩා අවුල් උනා කියලයි මට නම් හිතෙන්නේ. අහසට යන්න බැරි කාලෙක ඒ කියන්නේ ගුවන් යාන හොයාගෙන නැති කාලෙක මේ තරම් සුක්ෂමව මේ නිර්මාණ කලේ කොහොමද? මේ තරම් විශාල ප්‍රදෙශේක මේ වගේ නිර්මාණ කරන එක එතරම් ලේසි වැඩක් වෙන්නත් නැතුව ඇතිනේ ( අපි එහෙම හිතුවට ඒ කලේ ඕවට ලේසි ක්‍රම තිබුනද දන්නෙත් නෑ ). ඉතින් මේ අමුතු කානු කපිල්ල්ල කලේ කව්ද ? මොකටද? අවරුදු ගානක්   විසදගන්න බැරි තවත් ගැටළුවක් මේක 


Monday, August 15, 2016

වගා වෘර්ත වල අභිරහස (පළමු කොටස)

2:33 AM Posted by විස්මිත No comments
මෙහි එන සියලු ලිපි ලෝකයේ විවිද පුද්ගලයින් විසින් මෙන්ම විද්වතුන් විසින් පරීක්ෂා කර බලා විසදිය නොහැකි අභිරහස් ලෙස පිළිගත් සිදුවීම් බව සලකන්න. 


වගා වෘර්ත  යනු ඉහල අහසේ සිට බලූ විට විවිද රටා පෙනෙන විදියට විශාල වගා භුමි පුරා පැතිරී යන පරිදි එක රැයකින් නිර්මාණය වන රටා විශේෂයකි. මෙම රටා නිර්මාණය වීම හෝ ඒවා නිර්මාණය කිරීමේ අරමුණ අපැහැදිලිය. නිර්මාණය කලේ කා විසින්ද යන්නත් අපැහැදිලිය. නිර්මාණය වීමට ස්වාබාවික හේතුවක් සොයා ගනීමද අපහසුය.





1966 පළමු වගා වෘර්ත  ඕස්ට්‍රේලියාවේ උක් වගාවක ඇතිවුන අතර එහි හිමිකරුට අනුව හදුනා නොගත් පියාසර වස්තුවක් මෙම වගා භූමියෙන් උඩට මතුවෙනු ඔහු දැක ඇති අතර පසුව පැමිණ බැලීමේදී මෙම වගා වෘර්ත  දැක තිබෙනවා. මේවා පියාබන පීරිසි හෙවත් හදුනා නොගත් පියාබන වස්තුන් මගින් ඇති කරන බවට මතයක් ඇති වුනා.


නමුත් මෙයට අභියෝග කල පුද්ගලයෙක් තමන්ට විනාඩි 15න ඔය කියන වගා වෘර්ත  නිර්මාණය කල හැකි බව කිව්වා. නමුත් මේ පුද්ගලයට ආඩි 40  වටයක් නිර්මාණයට විනාඩි 15 ක් ගියා. කොහොමත් එක රැයකින්  ඒ වගේ විශාල නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක ගැටළුවක්.

ඒ වගේම මුල් කාලයේදී සරල වෘර්ත රටා විදියට දක්නට ලැබුන මේ නිර්මාණ පසුව සංකීර්ණ රටා බවට පත් වුනා. ඒ අතර ඩී එන් ඒ  අනුවේ ද්විත්ව හෙලික්සයේ ව්‍යූහය වැනි සංකීර්ණ රටා වල වගා වෘර්ත නිර්මාණය වෙන්න පටන් ගත්තා. මුලින් වෘර්ත රටා නිසා වගා වෘර්ත  කියන නම දැම්මට දැන් දැන් මේවා විවිද රටා වලින් ලෝකය පුරා තැන තැන වාර්තා වෙලා තියනවා

Thursday, August 11, 2016

අතීත චායාරූපයක ඉන්න අමුතු මනුස්සයෙක්

7:49 AM Posted by විස්මිත No comments
අදත් කියන්න යන්නේ තව එක අභිරහස් චායාරූපයක්  ගැන. මේකත් ලෝකේ අවදානය ගොඩක් යොමු වුන  චායා රූපයක් මේකේ ඉන්න පුද්ගලයා කාල යාත්‍රකක් කියලා ගොඩක් දෙනෙක් විස්වාස කරනවා. මොකද හොදට බැලුවොත් ඔයාලට උනත් මේ කෙනාව පහසුවෙන් අදුනගන්න පුළුවන්. මෙයා ඇදලා ඉන්න ඇදුම් සහ එක පාරට බලූ බැල්මට පෙනෙනවා මෙයා අනිත් අයට වඩා වෙනස් කියලා. මෙයා අද කාලේ ඉන්න කෙනෙක් විදියට ඇදලා ඉන්නේ. ඒ විතරක් නෙවේ බලන්න මෙයාගේ අතේ තියන කැමරාව දිහා මේ රුපය ගන්න කාලේ වෙනකොට මේ විදියේ කැමරා තිබිලා නැහැ. ඊට පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න කෙනා අතේ තියනවා ඒ කාලේ තිබුන කැමරා වර්ගය. ඉතින් එතකොට මේ පුද්ගලයා කව්ද අවේ කොහෙන්ද කියන එක අදටත් ගැටළුවක්. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ තමා මේ වගේ කැමරාවක් මෙයා ගාව තියෙන්නේ කොහොමද කියන එක. මේ අතේ තියන කැමරාව වගේම ටි ෂර්ට් එකේ මුද්‍රණය කරලා තියන ලෝගෝ එකත් වර්තමානයට අයිති දේවල් බව තමයි කියන්නේ. හැබැයි 1941 තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. අවරුදු ගානක් තිස්සේ මේ පුද්ගලයා කාල යාත්රකයෙක් කියල මිනිස්සු විස්වාස කරපු අතෙරේ සමහරු නම් කියන්නේ මෙයා මේ ෆැෂන් වලට කැමති සාමාන්‍ය කෙනෙක් වෙන්නැති කියලා හැබැයි කැමරාව තමයි ප්‍රශ්නේ



Wednesday, August 10, 2016

මොබයිල් ෆෝන් හොයාගන්නත් කලින් ඒක පාවිච්චි කරන කාන්තාවක්

7:37 AM Posted by විස්මිත No comments
මොබයිල් ෆෝන් එක හොයා ගත්තේ 1973 විතරනේ හැබැයි මොබයිල් ෆෝන් එක හොයාගන්න අවරුදු ගානකට කලින් මේ ෆෝන් පාවිච්ච් කරපු ය ඉන්නවා කිව්වොත් ඒක විස්වාස කරන්න පුලුවන්ද? විස්වාස කරන්න බෑ තමයි හැබැයි එහෙම ෆෝන් පාවිච්චි කළා කියලා සැක කරන්න පුළුවන් සිද්දි කීපයක්  ඉතිහාසෙන් වාර්තා වෙනවා එක්කෝ මේගොල්ලෝ කාලය හරහා ගමන් කරපු අය වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් මේ අතේ තියෙන්නේ මොබයිල් ෆෝන් එකක් නෙවේ වෙන්නත් පුළුවන්.


 කොහොම හරි මේ පහල වීඩියෝ එකේ තියෙන්නේ ඩුපොන්ට් කියන ෆැක්ටරියෙන් එලියෙට එන සේවකයෝ පිරිසක්. ඒ සේවකයෝ අතරේ ඉන්න එක කාන්තාවක් මොබියිල් ෆෝන් එකකින් කතා කරනවා වගේ තමයි පේන්නේ. මොකද ලග ඉන්න කව්රුත් එයාගේ කතාව ගැන අවදානෙන් ඉන්න බවක් පෙනෙන්න නෑ. මේ වීඩියෝ එක අරන් තියෙන්නේ 1938. ෆෝන් හොයා ගන්න අවරුදු 35 විතර කලින්මෙ යා කන ගාවට ෆෝන් එකක් වගේ එකක් තියන් කතා කරනවා. මේ වගේ තව එක්කෙනෙක් ඉන්නවා එයා ගැන පස්සේ දවසක කියන්නම්. කොහොම හරි මෙයා ඉන්න මේ වීඩියෝ එක ගැන එක එක්කනා එක එක කතා කියනවා. ඒ අතේ තියෙන්නේ පර්ස් එකක් කියලා සමහරු කියනවා. මේ සිද්දියත් කොහොමහරි පැහැදිලි කිරීමක් නැති සිද්දියක්. මෙයා අනාගතෙන් ආපු කෙනෙක් ද දන්නෙත් න එක්කෝ අර ඊයේ මන් කියපු රටක් නැති මගියා වගේ වෙන මානෙකින් වත් ආවද දන්නේ නැහැ.

Monday, August 8, 2016

රටක් නැති ආගන්තුකයකුගේ පැමිණීම

9:16 PM Posted by විස්මිත No comments

ඒ 1954 ජුලි මාසයයි වෙනදාට වඩා උණුසුම් කාලගුණික තත්වයක් තිබුනත් එදා සාමාන්‍ය දවසක්. ටෝකියෝ නුවර හනේදා ගුවන් තොටුපොලෙත් වෙනදා වගේම සාමාන්‍ය විදියට කටයුතු කෙරෙමින් තිබුනා. මේ සාමාන්‍ය තත්වය අසාමාන්‍ය තත්වයාට හරවල අදටත් නොවිසිදුන තවත් අභිරහසක් ලෝකයට එකතු කරන්න මෙතනට ආපු එක පුද්ගලයකුට පුළුවන් කම ලැබුනා. ඉතාමත් පිළිවෙලට ඇද පැළද ගත්ත මදි වියේ පුද්ගලයෙක් ටෝකියෝ ගුවන් තොටුපලට ඇවිත් කිව්වේ තමන් සාමාන්‍ය වියාපාරික ගමනකට ටෝකියෝ ආව කියල. හැමදෙයක්ම හරියට තිබුනා මෙයා කලින් වතාවේ ටෝකියෝ ආපු සීල් එකත් මේ පාස් පොතේ සටහන් වෙලා තිබුනා. තව යුරෝපෙට අයිති රටවල් කිපෙකම මුදල් නොට්ටුත් මෙයා ගාව තිබුනේ ඇත්තටම මෙයා නිතර රට රටවල සංචාරය කරන බව පැහැදිලි කරන්න වගේ.



සේරම බොහොම සාමාන්‍ය විදියට සිද්ද උනත් වැඩේ අප්සට් උනේ ගුවන් තොටුපොල නිලදාරීන් මේ පුද්ගලයාගෙන් තමන් ආපු රට ඇහුවමයි. මෙයා කිව්වේ එයා අවේ ටොඩ් කියල ප්‍රංශය හා ස්පේන් අතර තියන රටකින් කියලා. ගුවන් තොටුපොළේ නිලදාරීන් ඔහුට කිව්වා එහෙම රටක් නෑ  කියල මේ පුද්ගලයා කතා කලේ ප්‍රංශ භාසාව. කේන්ති ගත්ත මේ පුද්ගලයා කිව්වේ එහෙම වෙන්න බා අවරුදු දහස් ගානක ප්‍රව්ඩ ඉතිහාසයක් තමන්ගේ රටට තියනවා කියලයි මෙයා කිව්වේ. මෙයා බුක් කරපු හෝටලෙත් මෙහෙම කෙනෙක්ට බූකින් එකක් තිබිලා නෑ .ඒ වගේම මෙයාගේ පාස් පොත නම් නිකුත් කරලා තිබුනේ කවදාවත් ලෝකේ පැවතුනේ නැති රටක් වෙන ටොඩ් කියන රටෙන් තමයි.

ඒ වගේම මෙයා අව  කියන බිස්නස් මීටීම තිබුන කොම්පැනියට කතා කලාම ඔවුන් මෙහෙම කෙනෙක් ගැනවත් මෙයා වැඩකරනවා කිව්ව කොම්පැනිය ගැනවත් දැනගන ඉදල නෑ. පස්සේ ලෝක සිතියමක් අරන් ඇවිත් නිලදාරීන් අහල තියනවා තමුන් අවේ අනදොරා කියන රටෙන්ද කියලා. 
ඒ පාර මේ මනුස්සයා කිව්වලු ඒ තියෙන්නේ තමන්ගේ රට ටොඩ් අනදොර කියල රටක් ගැන එයා අහල නෑ  කියලා. 

කොහොම හරි ප්‍රශ්නේ විසදෙනකන් මේ පුද්ගලයාව ආරක්ෂාව යටතේ ලග හෝටලේක නවත්තල තියනවා. එත් පහුවදා බලද්දී මෙයා අතුරුදහන් (පැනලා යන්න විදියක් නැතිවෙන්න ආරක්ෂාව දීල තිබිල තියෙන්නේ) කොහොම හරි මේ අත්බුත පුද්ගලයි එයාගේ අමුතු රටයි පාස් පොතයි බැංකු වාර්තයි සේරම අතුරුදහන් උනා ගවන් තොටුපොළේ තිබුන ලිපි සේරමත් අතුරුදහන් වෙලා. අදටත් කව්රුත් දැන් නෑ මේ සිද්ද උනේ මොකද්ද කියලා සමහරවිට මෙයා වෙන මානෙක ඉදලා ආව වෙන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙවේ එකම අවස්තාව මේ වගේ සිද්දි උන ලෝකේ එක එක තැන වල අමුතු රටවල නම් කියපු මිනිස්සු කාලෙන් කාලෙට ඔහොම හම්බෙලා තියනවා. තව කාටවත් තේරුම් ගන්න බැරි බාසාවක් කතා කරපු කෙනෙකුත් මේ අතරේ ඉදලා තියනවා 

එඩේරාගේ සොහොනේ අබිරහස

7:16 AM Posted by විස්මිත No comments
එංගලන්තයේ  බිෂොප් වරයෙකුට අයිති වෙලා තිබුන මාලිගයක තියනවා මෙචර කාලෙකට කාටවත් තේරුම හොයා ගන්න බැරි උන අකුරු වගයක් ගහපු සොහොන් ගලක් මේ මාලිගවේ තියනවා. ලෝක ප්‍රසිද්ද නොවිසදුනු අභිරහසක් වෙච්ච මේ සොහොන් ගල ගැනයි අද කියන්න හදන්නේ. අකුරු ටික බලල මොකක් හරි තේරුමක් හිතා ගන්න පුලුවන්ද බලන්නකෝ. හැබැයි එකට ලතින් බාසාව ගැන දැනුමකුත් ඕනි.

මේ සොහොන් ගල පිහිටවල තියෙන්නේ ගල් ගුහාවක ඇතුල්වීමේ දොරටුව වගේ පෙන්න. ෆ්ලෙමිෂ් මුර්ති ශිල්පී පීටර් ස්කීමෙකර් විසින් මේ නිර්මාණය කරලා තියෙන්නේ මේකේ සුප්‍රසිද්ද ආකාඩියා එඩේරන් නමින් හදුන්වන පොසින් නම් චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයේ පිටපතක් විදියට.


පොසින් ගේ චිත්‍රය මේ නිර්මාණයේ මුර්තියක් විදියට තමයි සකස් කරලා තියෙන්නේ. මේ කියන චිත්‍රයේ කාන්තාවක් සහ එඩෙරන් තුන් දෙනෙකුගේ රූප  දැක්වෙනවා මෙතැනදී හැබැයි පොඩි වෙනස්කමක් වෙලා තියනවා මේ චිත්‍රය කන්නාඩියකින් බැලුවම පීන විදියට ඒ කියන්නේ වම දකුණ මාරු කරලා තමයි අබලා තියෙන්නේ. ඒ වගේම මේ එඩෙරන් අකුරු වගයක් පෙන්නගන ඉන්නවා චිත්‍රයේ එකෙන් කියවෙන්නේ  ඒ කියන්නේ 'මමත් ඉන්නේ අර්කයිඩාවේ 'කියලා නමුත් අපි කතා කරන මේ සොහොනේ අර කියන අකුරු වෙනස් කරලා වෙන අකුරු වගයක් තමයි කොටලා තියෙන්නේ.


1748 විතර නිර්මාණය කරපු 18 වෙනි සියවසට ඓත්ය් මේ නිර්මාණයේ සදහන් මේ අකුරු 10 මොකක් හරි සංකේත බාසාවක් කියලත් කියනවා තව සමහරු කියන්නේ මේ කියවෙන්නේ එයාගේ නැති උන බිරිදට එයාගේ ආදරේ ප්‍රකාශ කරන්න ලියපු වාක්‍යක් වෙන්නැති කියලයි.(“Optimae Uxoris Optimae Sororis Viduus Amantissimus Vovit Virtutibus,” or "Best of wives, best of sisters, a most devoted widower dedicates [this] to your virtues.”) ඒ වගේම බයිබයට සම්බන්ද මොනා හරි දෙයක් ගැන මේකේ සදහන්න් වෙනවා කියලත් කියනවා.


 ඒ වගේම මේ සොහොනේ හිනා වෙන මිනිහෙක්ගේ ඔලුවකුයි එළුවෙක්ගේ වගේ අන් තියන ඔලුවකුයිත් කැටයම් කරලා තියෙනවා. ඒ නම් ග්‍රීක දෙවියෙක් කියලයි විස්වාස කරන්නේ. ඔන්න ඕකයි මේ එඩෙර සොහොනේ කතාව. ඉතින් සියවස් ගානක් ගිහිලත් තවම විසදගන්න බැරි උන තවත් එක අභිරහසක් විදියට සලකන මේ සොහොනේ තියන රහස් සංකේතය හදුන්වන්න පුළුවන්.