Saturday, August 6, 2016

ස්ටෝන් හෙන්ජ් තනිවී නැත

8:37 AM Posted by විස්මිත No comments

අභ්‍යන්තර භූ කැනීම් වලින් හෙළි වූ ස්ටෝන් හෙන්ජ් අභිරහස


අපූර්ව භූ විද්‍යා කැනීම් කීපයකින් පසුව මෙම පර්යේෂකයන් හෙළි කල දේ ඇසුවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත් වේවි. ස්ටෝන් හෙන්ජ් කිසිම දිනෙක තනිව මේ මිහිමත පවතී නැහැ. ස්ටෝන් හෙන්ජ් ගැන දන්නේ නැති අයට ඒ ගැන පස්සේ කියන්නම්. දැනට මෙහෙම හිතන්නකෝ තාමත් හරියටම හදපු හේතුවක් හිතාගන්න බැරි ගල් කණු වලින් කල ඉදිකිරීමක් තණකොළ පිට්ටනියක් මැද්දේ තනියම නැගී හිටිනවා කියල හිතපු.
 

ස්ටෝන් හෙන්ජ් වටේට පොලොව යට සිතියම් ගත කරපු විද්වතුන්ට හමු වුනේ අදහගන්න බැරි ඉදිකිරීම් ගොඩක්. මෙචර කල් හැමෝම හිතන් හිටියේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ තණකොළ පිටිය මැද්දේ තනියම නැගේ සිටින ස්මාරකයක් විදියට එත් මේ අලුත් සිතියම් ගත කිරීමට අනුව ස්ටෝන් හෙන්ජ් වටේට ස්මාරක විශාල වලවල් සහ සොහොන් කොත් වගේ දේවල් දකින්න තියනවා. ඒ නිසා මේ කණ්ඩායම අවසානයේදී පැවසුවේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ මීට කලින් නොදැකපු නොදැන හිටපු ඉදිකිරීම් සුමුහයක එක සාමාජිකයෙක් විතයි  කියල.වසර 4ක් විතර තිස්සේ වර්ග කිලෝමීටර් 17 විතර ආවරණය කරමින් මේ පරීක්ෂණය සිදු කරලා තියනවා. පරීක්ෂණයට කලින් ස්ටෝන්හේන්ජ් මයිල 1.5 විතර දුරින් ආසන්නතම පුරා විද්‍යා ඉදිකිරිම තියෙනවා කියල හිතුවත් දැන් අඩි 150 විතර දුරින් ආසන්න ඉදිකිරීම හමුවෙනවා. මෙම අනෙකුත් ඉදිකිරීම් කුඩා දේවස්ථාන හෝ සොහොන් විය හැකි අතර ස්ටෝන් හෙන්ජ් ප්‍රදාන පූජනීය ස්ථානය වීමට ඉඩ තිබෙනවා. 

ඉතිහාසයෙන් පවත එන ඉදිකිරීම් වලින් ස්ටෝන් හෙන්ජ් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් මෙය සම්පූර්ණ වටකුරු හැඩයෙන් නිමවා තිබෙන්න ඇති කියල තමයි හිතන්නේ. දැන් මේ අවට තවත් ඉදිකිරීම් හමුවීමෙන් මේ ප්‍රදේශය අතීතයේ සක්‍රීය ප්‍රදේශයක් වශයෙන් තියෙන්න ඇති බවත් අතීත මිනිසුන් එක කල තොරතුරු අනාගත පරපුරට ලබා දීමට මෙම සුක්ෂම හා සංකීර්ණ ඉදිකිරීම් කරන්න ඇති බව හිතනවා. එත් ඔවුන් කියන්න උත්සහ කරපු තොරතුරු තවම අපට නිවැරදිව තේරුම් ගන්න බැරි වෙලා තියනවා. 
මේ සම්බන්දයෙන් දන්නා තොරතුරු පහලින් දාන්න අපි ඒ තොරතුරු බෙදා ගමු .


0 comments:

Post a Comment